ග්‍රීසියට සහ තුර්කියට ප්‍රබල භූකම්පනයක් සහ සුනාමි තත්ත්වයක්.. (VIDEO/ PHOTOS)

රිච්ටර් මාපකයේ ඒකක 7.0ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රීසියේ, සමොස් දූපතට සුනාමි තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතිවූ භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් කඩා වැටී තිබෙන බවයි.

එමෙන්ම එරට පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 120කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ග්‍රීසියේ ද පුද්ගලයන් 08දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්. ඇතිවූ සුනාමි රළ පහරින් බේරිම සඳහා තුර්කියේ, ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජනතාව කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් මතට නැගී සිටින අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූකම්පනයේ ප්‍රබලත්වය ඇතෑන්ස්, උතුරු මැසිඩෝනියාව සහ බල්ගේරියාවට ද දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුර්කියේ ඉස්මීර් ප්‍රාන්තයේ ගොඩනැගිලි 20කට අධික සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවයි එහි නගරාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම කඩා වැටුණු තුළ සිරවී සිටි පුද්ගලයන් 70දෙනෙක් පමණ බේරාගැනීමට සහන සේවකයන් හැකිව තිබෙනවා. තුර්කියේ සහ ග්‍රීසියට බලපෑ භූමිකම්පාව සහ සුනාමි තත්ත්වයේ ජායාරූප සහ වීඩියෝ පහතින්.

Leave A Reply

Your email address will not be published.