අයිෆල් කුලුනට වඩා උස කොරල් පරයක් මුහුදු පතුලේ

ප්‍රංශයේ අයිෆල් කුලුන වැනි සුවිශේෂි ගොඩනැගිලිවල උස පවා ඉක්මවා යන මහා බාධක පරය ආසන්නයේ පිහිටි කොරල් පරයක් සොයාගැනීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මීටර් 500ක උසකින් සහ කිලෝමීටර් 1.5ක පළලන් යුත් මෙම කොරල් පරය මහා බාධක පරයේ සිට කිලෝ මීටර් හයක් දුරින් පිහිටා තිබෙනවා. වසර 120කට පමණ පසු සාගර පත්ලෙන් සොයාගත් අපූරු නිර්මාණයක් ලෙසයි මෙම කොරල් පරය හැඳින්වෙන්නේ.

සාගර පතුලේ ගවේෂණ සඳහා යොදාගනු ලබන රොබෝ තාක්ෂණය ඔස්සේ මෙම අපූරු නිර්මාණය සොයාගත් බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි මහා බාධක පරය වඩාත් පුළුල් සහ දර්ශනීය පරිසර පද්ධතියක් ලෙස යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලැයිස්තුවට ද එක් කොට තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.