වත්මන් රජය යටතේ MCC ගිවිසුම කිසිසේත් අත්සන් කරන්නේ නෑ – විමල්

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සිදුකළ සංචාරයේ දී කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ලක් රජයට බලපෑම් නොකළ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව එම්. සී. සී. ගිවිසුමට අත්සන් නොකරන බවත්, එම ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක් තමන් නියෝජනය නොකරන බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදු අවස්ථාවක රට පාවා නොදෙන බවයි අමාත්‍ය විමල් වීරවංශ සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.