එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අකිලට?

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී තිබේ.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනාවී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇත.

එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.