ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජීවනෝපාය අහිමි වූවන්ට රු.5000/- දීමනාව අඟහරුවාදා සිට

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.

පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මාධ්‍යට ප්‍රකාශ කළේ, අඟුහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි. කෝවිඩ් I හා II වටයන් තුළ අනුගමනය කළ පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බව ද ජයලත් මහතා පැවසීය.

ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ. පසුගිය i හා ii වටයන්හී දී ඒ ඒ ග්‍රාම සේවා වසම්වල පත් කෙරුණු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනාගැනුණු අතර එම සියලු පවුල් සදහා මෙවර ද අදාළ දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.