ශිකර් ධවාන්ගේ ශතකය දිල්ලි කැපිටල්ස්ට ජය ගෙනෙයි

IPL කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී චෙන්නායි සූපර් කින්ග්ස් කණ්ඩායම පරදවා කඩුලූ 05ක ජයක් අත් කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පලමුව පන්දුවට පහර දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සූපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලූ 04ක් දැවී ලකුණු 179 රැස් කළා. ෆෆ් ඩූ ප්ලෙසිස් පන්දු 47කදී ලකුණු 58යි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 05ක් දැවී ලකුණු 185ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා වූ ශිකර් ධවාන් නොදවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101ක්. මෙය ඔහුගේ මංගල IPL ශතකයයි. පන්දු 58කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ එක් 06 පහරක් ඇතුළත් වුණා.

Leave A Reply

Your email address will not be published.