බ‍්‍රැන්ඩික්ස් වලින් පසුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්ද කොරෝනා මතුවෙයි… මීළඟ පොකුර හයිඩ්‍රාමනී ද ?

කහතුඩුව පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසන පරිදි ඇයටත් ඇයගේ සහෝදරයටත් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති තිබෙනවා.

ඔවුන් ඔලබොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයට සහභාගී ඇති බවත් එහිදී කොරෝනා ආසාදිත වූ සමග කතාබහ කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

අදාල කාන්තාව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ අයෙක් බවද සැලයි.

මෙම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සිදු කරමින් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.