කොළඹ ඩොක්යාඩ් හි 05 කට කොවිඩ්

කොරෝනා ආසාදිත සේවකයන් පස් දෙනෙකු කොළඹ නැව් තටාකාංගනයෙන් හඳුනාගෙන තිබෙනවා.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරමින් ඇති බව ඔහු කියා සිටියා.

කෙසේ නමුත් මෙම ආසාදිතයන් වාර්තා වීම නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට බාධාවක් සිදු නොවන බවද හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.