රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම්වරියට පහර දුන් බවට චෝදනාක්

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් ඊයේ (16) පැවති එම ප්‍රාදේශීය සභා රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව ගිය අතර සභාපතිවරයා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්කෝන් මහතා බීමත්ව පැමිණ තමන්ට පහරදුන් බව පවසමින් එහි ලේකම්වරිය පසුගියදා මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

මේ අතර, ඊයේ පැවති ප්‍රාදේශීය සභා සැසිවාරයේ දී අදාළ සිද්ධිය මුල්කර ගනිමින් මන්ත්‍රීවරුන් සභාපතිවරයාට විරෝධය පළ කළේය. සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවාරය අතරතුර සභාවෙන් පිටව ගියේය. එමෙන්ම රඹෑව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවට එහි විපක්ෂ නායකවරයා පවසයි.

කෙසේවෙතත් රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්කෝන් මහතා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Leave A Reply

Your email address will not be published.