විපක්ෂ නායක රජයෙන් ඉල්ලීමක් කරයි..

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ය.

මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමුවූ කොරෝනා පොකුර රට පුරා තැන තැන ව්‍යාප්තව පවතින අතර කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

Leave A Reply

Your email address will not be published.