කෑගල්ලේ ගම් 6කට සංචරණය සීමා කරයි

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කරයි.

එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කළ ගම්මන වන්නේ ‘ ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව, කිරිවල්ලාපිටිය යන ගම්මාන 6යි.

රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

රඹුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය කළගෙඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක් බව හෙළිවී ඇත. එම කාන්තාවගේ හා සම්බන්ධ ආශ්‍රිතයන් රැසක් සිටිය හැකි බවට පවතින සැකය හේතුවෙන් අදාළ ආශ්‍රිතයන් හඳුනාගැනීම පහසු කිරීමට එම තීරණය ගෙන තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොවිඩ් -19 රෝගීන් 15දෙනෙකු වාර්තා වී තිබේ. දිස්ත්‍රික්කය පුරා 636දෙනෙකු නේවාසික නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ සමාජය අතරින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට ද කටයුතු කරන බවයි.

Leave A Reply

Your email address will not be published.