මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයන් ගණන 1850 දක්වා ඉහළ යයි

තවත් කොවිඩ් ආසාදිතයින් 61දෙනෙක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් 19 ආසාදිත පොකුර ආසාදිතයන් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් වාර්තාවන ආසාදිතයන්ගෙන් තිදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩල සේවකයන් වේ.

සෙසු 58දෙනා ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයන් වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.