රුසියාව නිපදවූ දෙවන COVID 19 එන්නතට එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිපද වූ දෙවන එන්නතට ද එරට  ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  මේ බව නිවේදනය කළේය.

සයිබීරියාවේ ස්වදේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් මෙම එන්නත නිපදවා තිබෙනවා. අදියර තුනක පරීක්ෂාවකින් පසුව එන්නත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. රුසියාව කොරෝනා වෛරසයට එරෙහි පළමු එන්නත ද මීට සති කිහිපයකට පෙරදී ද හඳුන්වා දුන්නා. එයට එරට ජනාධිපතිවරයාගේ දියණියට ද ලබාදී පරීක්ෂාවට ලක්  කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.