‍රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් වැඩ අරඹයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ද පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වරෙන්තුවක් නොමැතිව රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය කළ ප‍්‍රකාශය සැලකිල්ලට ගනිමින්. පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාවකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය සදහන් කළේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවතැන් වූවන් ප‍්‍රවාහනයට ලංගම බස්රථ යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.