රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?

2019 වසරේ දී පැවති ජනාධිපතිවරණයේ දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් බස් රථයකින් ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) උපදෙස් ලබාදෙනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය අතර එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත්, ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

නඩුවේ මෙම මස 27 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.