කලා ක්ෂේත්‍රයේ අය කෝ? ටෙනිසන් කුරේගේ ඇඳ ළඟ හිටපු හැමෝම ඇහුවා.. – සංවේදී සටහන

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

කෙසේ වෙතත් අසනීප තත්වයෙන් රෝහල්ගත කර සිටි ටෙනිසන් කුරේ මහතා පිළිබඳ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා. මේ එම සටහනයි.

“මම පෙරේදා දින රෝහලට යන විට එතුමා රෝහලේ ඇද මත් සිටිනවා දුටුවා. මේ ඔහුමද කියා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මා ඔහු වෙත ගිය. කුඩා දරුවෙකු මේන් වැහැරි ගිය ශරීයෙන් එතුමා මා දෙස බලා සිනාසුණා. මා දුටුදේ අදහාගැනීමට මටම නොහැකි උනා. එතුමා රෝගී බව දැන ගත් මුත් මෙලෙස සිටියැයි මම හීනෙකින් වත් සිතුවේ නැත. මම ඔහු ළඟට ගොස් ” සර් කවුරුත් ආවේ නැද්ද” කියා විමසුව එවිට ඔහු පිළිතුරු දුන්නේ “දුව එනව බලන්න දරුවෝ” කියා. එවිට “ඔයාලග චිත්‍රපට සංගමයක් එහෙම නැද්ද ඔබතුමාව බලන්න” කියා විමසුවා. එවිට එතුමා කියා සිටියේ “මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු නෑ. මම එයාලට කරනව විතරයි” කියා. එතුමාව දුටු විට මට ඇස්වල කදුළු පිරිගියා.

කලාව පැත්තෙන් එතුමාට පුළුවන් උපකාරයක් කරන්න තිබ්බා මුදල් අවශ්‍යය නැති උනත් නැති උනත් ඔහු සමග ගිහින් එක වචනයක් කතා කරන්න තිබ්බා. ඒ වෙලාවේ එතුමා ළගට ගිහින් කතා කරලා එතුමට හයියක් වෙන එක දුරකතනයෙන් කතා කරාට කරන්න බෑ . මම දැකපු විදියට මේ ශෝකේ ප්‍රකාශ කරල post දාන ගොඩක් අය කරන්නෙ බොරුව. මේ කලාවේ අයට කියන්න. මොකද එතුමා ගොඩක් කලාකරුවන් සමග වැඩ කරලා තියනවා. එතුමාව දැකපු එතුමාගෙ ඇද ළඟම හිටපු හැම මනුස්සයෙක්ම ඒක ඇහුවා. මොන දේ උනත් අපි හැමොම එතුමාට නිවන් සුව පතනවා.” – මාශා ලක්ෂානි

Leave A Reply

Your email address will not be published.