ශාරුක් ඛාන්ගේ IPL පිල පළමු ජය වාර්තා කරයි

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්. අබුඩාබිහි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 04ක් දැවී ලකුණු 142ක් රැස් කිරීමට සමත් වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ 18 වන පන්දුවාරයේදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 03ක්. පන්දු 62ක දී නොදැවී ලකුණු 70ක් රැස්කළ ශුබන් ගිල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

IPL තරගාවලියේ තවත් තරගයක් සාජාහි දී අද (27) පැවැත්වෙනවා. ඒ, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතරයි.

Leave A Reply

Your email address will not be published.