කොරෝනා පැරදූ රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 02.. අමෙරිකාව අගටම වැටෙයි..

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ‍ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

සුප‍්‍රසිද්ද YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ පළමු තැන ලබා සිටින්නේ චීනය ය. මෙහි සවිස්තරාත්මක වාර්තාව එළඹෙන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙහි පළමු ස්ථාන 10 ලබාගත් රටවල් මෙසේය.

චීනය
ශ්‍රී ලංකාව
ඝානාව
දකුණු කොරියාව
මියන්මාරය
ඔස්ට්‍රේලියාව
තායිලන්තය
නවසීලන්තය
වියට්නාමය
කාම්බෝජය

කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේදී ඉතා අසමත් රාජ්‍යයන් ලෙස එහි හඳුනාගත ඇති රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලය ඉහළින්ම වෙයි.

Leave A Reply

Your email address will not be published.