ඇප ලැබුණත් එළියට එන්න පොඩි ලැසී බෑ කියයි

පතාල නායකයෙකු ලෙස සැලකෙන් පොඩි ලැසීට ඔහුට එරෙහිව ඇති එකම නඩුවට ඇප නියම වී සිටියද ඔහු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩී ලැසී අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ය.

“හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැනේ” යැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ, මේක මොවුන්ගේ ක්‍රමය බවය.

එහිදී ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ප්‍රකාශ කළේ “ඇප තියන්න බැරි හේතුව කියන්න ඕනේ. බන්ධනාගාරය කියන්නෙ හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි නේ” ලෙසය.

ඊට දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය නිසා බූස්ස බන්ධනාගාරයට විශාල මුදලක් වැය කරන්නට ද සිදුව ඇති බවය.

Leave A Reply

Your email address will not be published.