නලීන්, රෝහිණි, මයන්ත, කාවින්ද, බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

විපක්ෂ නායක කාර්යාලය තුළ හරිත ඒකකයක් ස්ථාපිත කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

ඒ සදහා නලීන් බණ්ඩාර, රෝහිණි කවිරත්න, මයන්ත දිසානායක, කවින්ද ජයවර්ධන සහ බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුගෙන් යුත් පරිසර බලකායක් ද පත් කළ බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මෙම හරිත ඒකකය හරහා පරිසරය සුරැකීම සදහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරියේ දී ආරම්භ කරන බව ද විපක්ෂ නායකවරයා සදහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී ස්ථාපිත කෙරුණු හරිත ඒකකය ප‍්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ මේ වන විට ආණ්ඩුව ගමන් කරමින් යන්නේ වන ගහනය වැඩි කරනවා වෙනුවට තිබෙන වනාන්තර ටිකත් කපා දැමීමේ ගමනක බවයි.

Leave A Reply

Your email address will not be published.