‘අපේ රටට අපේ බෙහෙත්’ බෙහෙත් ඇමති වැඩ අරඹයි..

ශ්‍රී ලංකාව තුළ බටහිර ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන යටතේ පළමු ඖෂධය රත්මලාන පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ දී එළි දැක්විණි.

‘ගැබාපෙන්ටින්’ නමින් හඳුන්වන ස්නායු රෝග සඳහා ලබාදෙන වසරකට රුපියල් මිලියන 65ක් වියදම් කොට ලංකාවට ආනයනය කරන ඖෂධය මෙහි පළමු ඖෂධය ලෙස එළි දැක්විණි .

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඖෂධය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මහතාට භාර දුන් අතර එය අමාත්‍යවරයා විසින් ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ට පිළිගන්වනු ලැබිණි.

අලුත් රටට අලුත් බෙහෙත් වැඩපිළිවෙළ යටතේ මෙම වසර තුළ මසකට එක ඖෂධය බැගින් ද ලබන වසරේ සිට සති දෙකකට වරක් නව ඖෂධයක් බැගින් ද වෙළෙඳපොළට මුදාහරින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.

මෙම වැඩපිළිවෙල සඳහා රට පුරා සිටින තම සියලු සාමාජිකත්වයේ සහයෝගය ලබාදෙන බවත් දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රචලිත කිරීම සඳහා සියලු වෛද්‍යවරු එක්ව සහාය ලබාදෙන බව ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.