ක්‍රීඩාවෙන් ඩොලර් බිලියනයක විදේශ විනිමයක් ගේන්න ඇමති නාමල් සූදානමින්

ඉදිරි වසර පහේදී ඇමෙරිකා ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන තත්ත්වයකට මෙරට ක්‍රීඩාව පත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

දියමත ලිස්සා යාමේ ජාතික තරගාවලියක් සැප්තැම්බර් 26 හා 27 දිනවල දී ආරුගම්බේ වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද මෙම මාධ්‍ය හමුවේ දී හෙළි කෙරුණි. සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම තරගාවලිය සංවිධාන කරන්නේ ලංකා ස්පෝර්ට්ස් ට්‍රීසින් සමාගමයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශීකයන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද මෙම තරගාවලිය සදහා එක්විය හැකිය. මාධ්‍ය හමුවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.