ශ්‍රී ලංකා වාසීන්ට අද (14) සවස් කාලයේදී අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමේ අවස්ථාව හිමිවේ.
වලාකුළුවලින් තොර අහසක් තිබුණහොත් අද සවස 6.44ට එය මෙරටට දිස්වෙන බව වාර්තා වේ.
ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ නිකුත්කළ ට්විටර් පණිවුඩයක මේ පිළිබඳ ව දැක්වේ.