රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වේ

රනිල් තවත් මාස තුනක් යනතුරු නායකයා..

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස වැඩි ඡන්දයෙන් රුවන් විජේවර්ධන මහතා පත් විය.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජ්‍ය නායකත්වය සදහා රවී කරුණානායක මහතා සහ රුවන් විජේවර්ධන මහතා අතර රහස් ඡන්ද විමසුමක් පැවති අතර, ඉන් වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය නායකත්වයට පත්වීමට රුවන් විජේවර්ධන මහතා සමත් විය.

එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී කරුණානායකට ඡන්ද 10ක් හිමිව තිබෙනවා.

එය මාස තුනක කාලයක් සදහා වන අතර එළඹෙන ජනවාරි මාසය වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ තව දුරටත් රැදී සිටීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.