චීන – ඇමරිකා සීතල යුද්ධය

චීනයේ සිටින ජ්‍යෙෂ්ඨ අමෙරිකානු තානාපති නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව චීන රජය නිවේදනය කරනවා.
නමුත් එම සම්බාධක කුමක් ද යන්න මෙතෙක් පැහැදිළි කර නැහැ.

චීනය මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකාව පසුගිය සැප්තැම්බර් 3 වැනිදා එහි සිටින චීන තානාපති නිලධාරීන්ට එරෙහිව එවැනි ම පියවරක් ගත් හේතුවෙන්.

මේ අතර, චීනයේ සිටින අමෙරිකානු තානාපති ලෙස වසර 3ක් කටයුතු කළ ටෙරී බ්‍රැන්ස්ටඩ් එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

බ්‍රැන්ස්ටඩ් එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර චීනයෙන් පිටත්වීමට නියමිත බව වාර්තා වනවා .

Leave A Reply

Your email address will not be published.