ඉන්දියාවට පිටින් දහතුන්වැනි සංශෝධනය ඉවත් කිරීමෙන් මෙරට කිසිවකුට සිදු කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී විනෝ නෝහරාදලිංගම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.
පළාත් සභා ක්රමය ඇති වූයේ තම සටන්කාමීන් ගෙනගිය සටන් නිසා බව ද ඔහු පැවසීය.
තුනෙන් දෙකේ බලය උපයෝගී කරගෙන ආණ්ඩුව එය ඉවත් කිරීමට යන බව දැනගන්නට ඇති බවත්, ආණ්ඩුව ඒ ගැන ඉන්දියාව සමඟ මිත්රත්වයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඔහු කියා සිටියේය.