පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමට රජයේ අවධානය

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සදහා දෛනිකව බිත්තර ලබාදීමට අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ පිළිබද සොයා බලන්නැයි තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවයි අග‍්‍රමාත්‍යවරයා පැවසුවේ.

ඒ, බේකරි හිමියන්ගේ සංගමයේ හා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි. මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණා.

Leave A Reply

Your email address will not be published.