එජාප මීළඟ නායකයා මංගල?

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාරගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසනවා.

ඒ සඳහා පක්‍ෂය විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මේ බව ප‍්‍රකාශ කළා.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් කිසි ලෙසකින්වත් ඉවත්වී නැති බවත් ඔහු සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.