බේරූට් වරායේ විශාල ගින්නක්

ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණයවී නොමැති බවයි අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 190කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 6000කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඇතිවී තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් පියවර ගනිමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.