කරූ ජයසූරිය අලුත් ගමනක් අරඹයි – විශේෂ මාධ්‍ය හමුව අද

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති වශයෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්වී තිබේ.

පසුගිය සඳුදා (07) පැවැති එම ව්‍යාපාරයේ විශේෂ හමුවක දී එහි සභාපති ධුරයට කරු ජයසූරිය මහතා පත්වී ඇත්තේ ඒකමතිකව ය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනගා එහි සභාපතීත්වයට පත්වූයේ අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේය. උන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම ධුරයට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්විය.

කරු ජයසූරිය මහතා නව සභාපති ධුරයට පත්වීමෙන් පසුව අද (10) විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.