දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ශ්‍රී ලංකාවෙන්

ඇමති නාමල් ද ෆේස්බුක් සටහනක් තබමින් සුබ පතයි

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ, ජර්මනියේ ඊයේ (08) පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයක දීයි.

එම තරගාවලියේ දී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්ත්පර 10.16ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්.

2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාති හි දී පැවැති 12 වන දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේ දී තත්ත්පර 10.22ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණා.

මෙම නව තරග වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා, යුපුන් අබේකෝන් වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ ෆේස්බුක් සටහනක් තබමින්. එම සටහන පහතින්.

“යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගයක දී පිරිමි මීටර් 100 ඉසව්ව (තත්ත්පර 10.16)කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාව පිහිටුවීමේ පුවත අසා මා අතිශයින් සතුටට පත්වූ අතර මෙම විශිෂ්ට ජයග්‍රහණය ලාංකික හැමෝටම ආඩම්බර විය හැකි අවස්ථාවක්.”

Leave A Reply

Your email address will not be published.