රටේ ජනාධිපති වෙන්න මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා – මංගල

තමාට ද මේ රටේ ජනාධිපතිවරයාවීමේ කැමැත්තක් තිබෙන බව හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා ප්‍රථම වරට හෙළිදරව්වක් කර ඇත.

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ සමරවීර මහතා තමාගේ මේ බලාපොරොත්තුව මාධ්‍යට දැනුම් දී තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට නාමයෝජනා දී පසුව එම නාමයෝජනාව ඉල්ලා අස්කර ගත් සමරවීර මහතා මේ වන විට එජාපය සමග කටයුතු කරමින් සිටී.

Leave A Reply

Your email address will not be published.