එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල් තරග 2ක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයවීම හේතුවෙන් 2ට 1ක් ලෙස මෙම තරගාවලිය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කිරීමට සමත් වුණා. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුල 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. මෙම තරගය පැවැත්වුණේ සදම්ප්ටන් හි දීයි.

Leave A Reply

Your email address will not be published.