අටලුගම දී පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තාවේ.

ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලැබුණ තොරතුරු මත ප්‍රධාන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යළි පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින අතරවාරයේ පොලිස් ජීප් රථය හරස් කර ගම්වාසීන් පහරදී ඇත.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇති බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.