සිරකරුවෝ ගෙවන්නේ දුක්ඛිත ජීවිතයක් – මෙහෙම කිව්වම මට ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්

සිරකරුවෝ ද මනුෂ්‍යයෝ යැයි ප්‍රකාශ වුව ද බන්ධනාගාරය තුළ තිබෙන්නේ ඛේදජනක තත්ත්වයක් බව මරණිය දණ්ඩනයට නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව අමතා අනාවරණය කරන ලදී.

වසර ගණනාවක් සිර බත් කෑම හේතු කොට ගෙන ශාරීරිකව හා මානසිකව පිරිහී ගිය අති බහුතරයක් ඉතා ඛේදනීය ජීවිතයක් බන්ධනාගාරය තුළ ගත කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් බන්ධනාගාරය පිලිබඳ මෙම කළ අනාවරණයෙන් පසු තමාට බන්ධනාගාරය තුළ දී ප්‍රශ්න රැසකට මුහුණදීමට සුදුවිය හැකි බව ද ඔහු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයා බලා බන්ධනාගරගතව සිටින සිරකරුවන්ට මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කර දෙන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ඔහු ඉල්ලීමක් ද කරන ලදී.

ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාරයේ සිට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ඊට විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්වය වන සමගි ජන බලවේගයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

Leave A Reply

Your email address will not be published.