කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් අක්කර මිලියන දෙකක් විනාශයි

කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් අක්කර මිලියන දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශවී ගොස් තිබේ.

පවතින අධික උෂ්ණත්වය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත්වී ඇත.

අද දිනයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරින් පමණක් වාර්තා වන උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් නවයයි දශම හතර ඉක්මවා ගොස් තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයන් දාහතර දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.