කොරෝනා ආසාදිත ඉන්දීය තරුණියක්ව රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථ රියදුරෙක් විසින් අපයෝජනය කරයි

නව කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කිරීමට රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුණියක්ව ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණයට ලක් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කේරළ ප්‍රාන්තයේ පණ්ඩාලම් පොලීසිය විසින් සඳහන් කර ඇත්තේ මෙම ගිලන් රථ රියදුරා විසින් අදාළ තරුණියව පාළු පිට්ටනියකට රැගෙන ගොස් දුෂණයට ලක් කොට ඇති බවයි.

කොරෝනා ආසාදිත වයස්ගත කාන්තාවක් සහ තරුණියක් රෝහල් බලධාරීන් විසින් රෝහල් දෙකක් කරා යොමු කිරීමට සැකකාර ගිලන් රථ රියදුරාට භාරදී ඇති අතර ඔහු විසින් පළමුව වයස්ගත කාන්තාව රෝහලට භාරදී මෙම පසුව අදාළ තරුණිය රෝහල කරා රැගෙන යමින් සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිස් විමර්ෂණවල දී හෙළිව ඇත්තේ.

25 හැවිරිදි මෙම ගිලන් රථ රියදුරා ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔහුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නැයි කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය කේ.කේ. සෛලජා පොලීසිය ඇතුළු බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.