ස්කෝප් – සරසවිය සිනමා උලෙළ අද මිස් ජෙනිස්

කොළඹ ලිබර්ටි සිනමා සංකීර්ණයේ පැවැත්වෙන SCOPE- සරසවිය සිනමා සොම්නස චිත්‍රපට උළෙලේ අද (07) සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය උදේ 10.30, සවස 2.30 සහ 7ට තිරගත කෙරේ.

වෝල්ටර් අබේසුන්දර නිෂ්පාදනය කළ මෙහි ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, රොෂාන් රණවන, උදාරි පෙරේරා රංගනයෙන් එක් වෙති. සවස 7.00 දර්ශනයට මිස් ජෙනිස් චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් හමුවීමට සිනමා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ස්කෝප් සිනමා සමාගම සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.