සරසවි සිසුවියක් පැහැර ගැනීමේ තැතක් වරදියි

මෝටර් රථයකින් පැමිණ  සරසවි සිසුවියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ කැලණිය සරසවි සිසුවියෙකි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කැලණිය විශ්වවිද්‍යාලය අසල දී එම  සිසුවිය පැහැරගැනීමට උත්සාහ දරා ඇත. එහිදි ප්‍රදේශවාසීන් විසින් එක් පුද්ගලයෙකු අල්ලා පොලීසියට භාර දී ඇති අතර අනෙක් සැකකරු පළාගොස් තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (07) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.