IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වැනිදා පසුගියවර ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අබුඩාබිහි දී පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග 24ක් ඩුබායිහි දී ද, තරග 20ක් අබුඩාබිහි දී සහ තරග 12ක් සාජාහි දී ද පැවැත්වීමට නියමිතයි.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සහ, රාත‍්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වනු ඇති. තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණ පසුව ප‍්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.