ෆේස්බුක් මගින් සංඝරත්නයට අපහාස කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ෆේස්බුක් මගින් මහා සංඝරත්නයට අපහාස වන අන්දමේ ඡායාරූපයක් යොමුකළ උඩවෙල නාඩියතලාව දන්තුරේ පදිංචි පුද්ගලයකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පසුගියදා දන්තුරේ නාඩිතලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකට අනුනාහිමිනමක් වැඩමවීම ප්‍රමාද වී ඇති අතර, එම නිසා මෙම පුද්ගලයා උන්වහන්සේට අපහාසවන අයුරින් ඡායාරූපයක් ෆේස්බුක්හි පළකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.

මහනුවර ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි පුද්කුගලයෙකු විසින් මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ආගමට අපහාස කිරීම හා ජනයා කුපිත කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Leave A Reply

Your email address will not be published.