හිටපු මන්ත්‍රීගේ නිවසේ අවි ගබඩාවක්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ව T-56 ගිනිඅවියක්, අත්බෝම්බයක්, මැගසින් එකක් සහ දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් ඇතුළු තවත් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද (07) සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගත් බව වාර්තා විය.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේ දී බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.