ඉන්දියාවෙන් එක්දිනක් තුළ කොරෝනා ආසාදිතයන් 90000ක්

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ඊයේ (05) එරටින් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 90,600දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,110,839ක් වේ.

කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන්  70,679ක් මියගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.