විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර දේශීය ඖෂධ නිෂ්පාදනය කිරීම ඇරඹේ

විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය ඖෂධ නිෂ්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් අරඹන බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එම අමාත්‍යංශයේ නව සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

දේශීය ඖෂධ පිළිබඳව දැනුවත් කිරීම සහ ඖෂධීය වටිනාකමකින් යුත් ආහාරපාන වර්ග ප‍්‍රචලිත කිරීම ද සිය අමාත්‍යංශයේ තවත් අරමුණක් වන බව ද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.