ප්‍රමිතියෙන් උසස් ඖෂධ මෙරට ජනතාවට ලබාදීමට නොපැකිළව කටයතු කරන්න – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

මෙරට තුළ බටහිර ඖෂධ නිෂ්පාදනය සඳහා කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් සමාගම් 35කට අධික සංඛ්‍යාවක් ඊයේ දින නව ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණගැසිනි.

තමන්ට පසුගිය රජය සමයේ මුහුණදීමට සිදු වූ විවිධ අපහසුතා ගැන ඔවුහු එහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූහ.

ඒ අසා සිටි අමාත්‍යවරයා පැවසුවේ තමන්ට අල්ලස් ලෙස මුදල්, රත්‍රන් හෝ දියමන්ති අනවශ්‍ය බවත් සියලු ව්‍යපෘති කඩිනම් කර ප්‍රමිතියෙන් උසස් ඖෂධ මෙරට ජනතාවට ලබාදීමට නොපැකිළව කටයතු කරන ලෙසත්ය.

තව ද තමන් යටතේ පවතින ආයතනයක කවරකු හෝ මුල්‍යමය හෝ ද්‍රව්‍යමය යමක් ලබාදෙන ලෙස බලපෑම් කරන්නේ නම් ඒ බව තමන්ට දන්වන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.

නව ඖෂධ නිෂ්පාදනාගාර ඇරඹීමට කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් 35දෙනා ම මාස 30 ඇතුළත කර්මාන්තශාලා ඇරඹීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ සමස්ත ආයෝජනය රුපියල් කෝටි 4000/-ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික වේ.

ආනයනය සඳහා ඉතා අධික මිලක් වැයවන පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ නිපදවීම සඳහා නවීන තාක්ෂණය සහිත කර්මාන්තශාලාවක් ඇරඹීමට මැලිබන් ආයතනය ද ඉදිරිපත්වීම විශේෂත්වයකි.

Leave A Reply

Your email address will not be published.