ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය පුදුම සහගතයි.. එම ක්‍රමවේදය ලෝකයම අධ්‍යයනය කරනවා.. – නෝර්වේ තානාපති

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ලෝකයම මවිතයට පත් කර ඇතැයි ඒ කොළඹ සිටින නෝර්වේ තානාපති සඳහන් කර තිබේ.

නොර්වේ තානාපති ටිනි යොරැන්ලි මහත්මිය මේ බව සඳහන් කර තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රමවේදය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධ්‍යයනය කරමින් සිටින බව ද ඇය සඳහන් කර ඇත. ලොව අනෙක් රටවලට ද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන අත්දැකීම් හා පළපුරුද්ද භාවිතයට ගැනීම ඉතා වැදගත් බව ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කර ගෙන ඇතැයි ද ඇය පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් නොර්වේ රාජ්‍යය පූර්ණ සහය ලබා දීමට සූදානමින් සිටින බව ද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.