අම්පාර ආසන්න මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක් ගිනිගනියි

ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව මෙහෙයුමක

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ  මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ. “MT නිව් ඩයමන්ඩ්”  නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරාගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව ද නාවික හමුදාව සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.