හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි.. රූකඩ වෙන්න බෑ කියයි..

සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

එම පක්‍ෂ ලේකම් නිසාම් කාරියප්පර් මහතා මේ බව තහවුරු කර ඇත.

පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බව ද ඔහු අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කියා සිටී.

Leave A Reply

Your email address will not be published.