විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා.. – වාසු

පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධවීමේ අයිතිය ද ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Leave A Reply

Your email address will not be published.