ලොව අධිකම වටිනාකමින් යුතු බැටළුවා වෙන්දේසියක දී අලෙවි වෙයි

ලොව අධිකම වටිනාකමින් යුතු බැටළුවා ස්කොට්ලන්තයේ පැවති වෙන්දේසියක දී අලෙවි කෙරුණා.

වෙන්දේසියේ ලන්සු තැබීම අනුව බැටළුවාට හිමිවූ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් තුන්ලක්ෂ හැට හත්දහස් පන්සීයක්. එම බැටළුවා නම් කර තිබුණේ ද්විත්ව දියමන්තිය ලෙසයි. මාස 6ක වයසින් යුතු මෙම බැටළුවා වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ පවුම් දස දහසක මූලික ලන්සුවකටයි. එය පසුව පවුම් තුන්ලක්ෂ හැටහත්දහස් පන්සීයක් දක්වා ඉහළ ගියා. මෙම බැටළු විශේෂය වටිනා ගුණාංග රැසකින් යුක්ත දුර්ලභ වර්ගයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.